ගුරුවරිය සිපගත්තාට අත්හිටවු සිරඳඩුවමක්

මාර් 21, 2019

    පාසලක ගුරුවරියක් සිපගත් බව කියන එම පාසලේම ඉගැන්වීම් සිදු කළ ගුරුවරයකුට වසරක සිරදඩුවමක් නියම කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම සිර දඩුවම වසර පහකට අත්හිටුවන ලෙසට අද නියෝග කළේය.

    වසර 2013 දී මෙම ගුරුවරයා එම පාසලේ ඉගැන්වීම් සිදු කරමින් සිටි ගුරවරියක පාසල තුළදී සිප ගෙන ඇති බවට එම ගුරුවරිය කල පැමිණිල්ලකට අනුව ලිංගික අතවර කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියට අනුව කොල්ලුපිටිය පොලිසිය විසින් චෝදනා ගොනු කර ගුරුවරයා එම නඩුවෙන් 2013 දී නිදහස් කර තිබේ.

    පසු පැමිණිලිකාර ගුරුවරිය නීතිපතිවරයාගෙන් ලබා ගන්නා ලද අවසරයකට අනුව කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරිණ. පසුව ගුරුවරයා කොළඹ මහාධිකරණය විසින් වැරදිකරු කරමින් පෙර තීන්දුව අවලංගු කර ඇති අතර එම සිද්ධියට අදාළව දඩුවම් ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නඩුව යොමු කර තිබුනා.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 19:15

    Latest News