IMF ලැබෙද් දී ඇඳ වැටුණු ඩොලරය

මාර් 21, 2023
    රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය, අද යළි පහතට වැටුණා.

     මෙය, IMF අනුමැතිය හිමි වීමේ සෘජු ප්රතිඵලයක් ලෙසයි, මූල්ය වෙළෙඳපොළ විශ්ලේෂකයන් දකින්නේ.

    ඊයේ දවස තුළ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වූයේ, රුපියල් 332 යි ශත 81 ක්. එය අද රුපියල් 320 යි ශත 27 ක් ලෙස සටහන් වුණා.
     
    ඇතැම් වාණිජ බැංකුවල එම අගය රුපියල් 314 ක් තරම් අඩු මට්ටමක ද පැවතුණා. ඩොලරයක විකුණුම් මිල ද රුපියල් 356 සිට රුපියල් 343 දක්වා අඩු වී තිබුණා.

    Latest News