ඖෂධ නිෂ්පාදනයට තවත් දේශීය සමාගමක්

මාර් 21, 2019

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය ආසන්නයේ ඉදිකිරීමට යෝජිත 08 වන ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව සදහා හෙට (22) මුල්ගල් තැබේ.

    දේශීය පෞද්ගලික සමාගමක් වන “මෙල්වා ෆාමා” සමාගම ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 1.4 කි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 300 කට මෙමගින් රැකියා හිමි වෙයි.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කරන ලදි.

    ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර, බුලත්සිංහල යන ප්‍රදේශවල කර්මාන්ත ශාලා 06 ක් මේ වන විට ඖෂධ නිෂ්පාදනය සිදු කරයි. වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

     

     

     

     

    Latest News