ග්ලයි‍ෆො‍සේට් තහනම ඉවතට

නොවැ 20, 2022

    වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලුම වගාවන්හි වල් මර්දනයට යොදාගත් ග්ලයි‍ෆො‍සේට් තහනම ඉවත් කර තිබෙනවා.

    ග්ලයි‍ෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ගොවි නියෝජිතයන්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු පාර්ශව රැසක් සමග සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තහනම ඉවත් කිරීමට පියවර ගත් බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

    පළමුවරට මෙරට ග්ලයි‍ෆොසේට් තහනම් කරන ලද්දේ, 2015 වසරේදී. ඒ, වල් මර්දනය සඳහා කිසිදු විකල්ප වැඩපිළිවෙළක් හඳුන්වා නොදුන් පසුබිමකයි. ඉන් අනතුරුව 2018 වසරේදී තේ හා රබර් සඳහා ග්ලයි‍ෆොසේට් යෙදීම තහනම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස  අස්වනු අඩු වීම පිළිබඳ දිගින් දිගටම ගොවීන් චෝදනා නැගුවා.

    නමුත් ඇතැම් පුද්ගලයින් මෙරටට ප්‍රමිතියෙන් තොර ග්ලයි‍ෆොසේට් ආනයනය කර ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීම තවදුරටත් සිදුකරනවා. මෙතෙක් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වල් මර්දනය සඳහා විකල්ප ක්‍රම‍වේදයක් යෝජනා කිරිමට නොහැකි වීම වසර 7ක් පුරා පැවති ග්ලයි‍ෆොසේට් තහනම ඉවත් කිරීමට තවත් එක් හේතු‍වක්.

    ග්ලයි‍ෆොසේට්  තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය මේ වන විට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබෙනවා.

    Last modified on ඉරිදා, 20 නොවැම්බර් 2022 19:13

    Latest News