වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලුම වගාවන්හි වල් මර්දනයට යොදාගත් ග්ලයි‍ෆො‍සේට් තහනම ඉවත් කර තිබෙනවා.

සය මසක කාලයක් සඳහා කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ග්ලයිෆොසෙට් ප්‍රමාණය ආනයනය කිරීම හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.

ග්ලයිෆොසෙට් වල් නාශක තහනම් කරමින් පණවා තිබූ නියෝග ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

Latest News