කාර්යාල දුම්රියක් පීලිපනී

නොවැ 16, 2022

    කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

    මේ හේතුවෙන් කොල්ලුපිටිය හා කොටුව දුම්රිය ස්ථාන අතර එක් මන්තීරුවක පමණක් දුම්රිය ධාවනය කෙරෙන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක්.

    දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

    Latest News