වවුනියාව පුනරුත්තාපන කඳවුරේ රැඳවියන් 5ක් පැන යයි

නොවැ 16, 2022

    වවුනියාව පූන්තෝට්ටන් ප්‍රදේශයේ පිහිටි පුනරැත්තාපන කදවුරේ රැඳවියන් පස්දෙනෙකු ඊයේ සවස පැන ගොස් තිබේ.

    ඊයේ සවස මෙම කදවුරේ එළි මහනේ පොදු කටයුත්තක් සිදු වී ඇති අතර එම අතරතුර මෙම රැඳවියන් පස්දෙනා පැන ගොස් ඇති බවයි වාර්ථා වන්නේ. පැන ගොස් ඇති රැදවියන් සොයා ඊයේ රාත්‍රියේ සිටම සෝදිසියක් ක්‍රියාත්මක කළ නමුත් ඔවුන් පිළිබඳ තොරතුරක් ලැබී නැත. සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News