පොදු සමා කාලය හෙටින් ඇරඹේ

නොවැ 14, 2022

    නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබාදුන් පොදු සමා කාලය හෙටින් ආරම්භ වෙයි.

    ඒ අනූව හෙට (15) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බවයි, ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

    මේ වසරේ ඔක්තෝබර මස 25 වැනිදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් සදහා එම පොදු සමා කාලය ලබාදී තිබේ.

    ඔවුන්ගෙන් යම් මුදලක් අයවීමට ඇත්නම් නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර එම මුදල් ගෙවිය යුතු බවයි, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

    Latest News