නීත්‍යානුකූලව ඉවත් වෙන්න පොදු සමා කාලයක්

ඔක් 29, 2022

    නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව නොවැම්බර් 15 වැනිදා සිට දෙසැම්බර් 31 වැනි දින දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ. 

    ඔක්තෝබර් 25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පමණක් එම පොදු සමා කාලය වලංගු වනවා.

    එම පිරිසෙන් අය විය යුතු යම් මුදලක් වේ නම් නීත්‍යානුකූලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 09:38

    Latest News