පාසල් ළමුන්ට අද පාර්ලිමේන්තු ගැලරියේ දොර ඇරේ

නොවැ 14, 2022

    අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද දිනයේ පාර්ලිමේන්තුව තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. අද දිනයේ පාර්ලිමේන්තුවේ ගැලරිය සාමාන්‍ය ජනතාවට විවෘත වන්නේ නැහැ.

    විශේෂ අමුත්තන් සදහා වන කතානායක ගැලරියට පැමිණ අයවැය කතාව ඉදිරිපත් කරන ආකාරය නැරඹීමට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ආරාධනා කර තිබෙනවා.

    ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ ගැලරියට පාසල් ළමුන් සහ තරුණයන් ඇතුළු 500 දෙනෙකු පැමිණීමට නියමිතයි.

    ඒ අනූව බස්නාහිර පළාතේ පාසල්වල ළමුන් 250 දෙනෙකුට පමණ අවස්ථාව ලබාදී තිබෙනවා.

    යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයින් 200ක් සහ යොවුන් සේනාංකවල සිටින තෝරාගත් තරුණයින් 100 දෙනෙකුටද ඒ සදහා අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

    එමෙන්ම මුදල් අමාත්‍යවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පවත්වනු ලබන සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහය මෙවර නොපැවැත්වෙන බවයි, පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේ.

    Latest News