පෙට්‍රල්, බොරතෙල් ගොඩබායි

නොවැ 13, 2022

    සති අටකට පමණ පෙර මෙරට මුහුදු සීමාවට ළඟා වූ බොරතෙල් රැගත් නෞකාවෙන් බොරතෙල් ගොඩබෑම ඊයේ රාත්‍රියේ ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වනදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඩොලර් මිලියන 7ක මුදලක් ගෙවීමට නොහැකිව දින 55ක පමණ කාලයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබුණා.

    ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සැපයුම්කරු සමඟ නව ක්‍රමවේදයකට එකඟ වීමෙන් පසුව ESPO බොරතෙල් භාණ්ඩ බෑම ඊයේ රාත්‍රියේ ආරම්භ කළ බවයි.

    මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් අප්‍රේල් මාසයේ සිට ආනයනය කරන ලද 1 වන පෙට්‍රල් 95 භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. නෞකාවේ තෙල් භාණ්ඩ ගොඩබෑම ද ඊයේ ආරම්භ වූ බවයි අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

    ඉන්ධන මිල සංශෝධනය සෑම මසකම 1 සහ 15 යන දිනවල සිදු කෙරේ. කෙසේ වෙතත්, පසුගිය සතිය මුලදී ඉන්ධන මිල සංශෝධනය වූ බැවින් නොවැම්බර් 15 වැනිදා ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

    twt copy

    Last modified on ඉරිදා, 13 නොවැම්බර් 2022 18:25

    Latest News