පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් ඉන්දියාවෙන් හමුවෙයි

නොවැ 12, 2022
    පෞරාණික ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් ඉන්දීයාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නගරයේ රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. 
    ඉන්දීය – පාකිස්ථානය Attari-Wagah දේශසීමාවේ ඒකාබද්ධ මුරපොල හරහා ඉන්දියාවට පැමිණි විදේශීකයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම ප්‍රතිමාව සොයා ගෙන ඇත.
    එම බුද්ධ ප්‍රතිමාව ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ (ASI) චන්දිගාර් කාර්යාලයට යොමු කර ලබාගත් වාර්තාවට අනුව, ක්‍රිස්තු වර්ෂ 2 හෝ 3 ට අයත් බවට අනුමාන කළ හැකි ඉන්දීය ගන්ධාර කලා පාසලේ බුද්ධ ප්‍රතිමා කොටස බව සඳහන්වේ.
    එමෙන්ම, මෙම ප්‍රතිමාව 1972 වසරේ ඉන්දීය පුරාවස්තු සහ කලා නිධන් පනත යටතේ පෞරාණික ගණයට අයත් නිසා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
    ශෛල්‍යමය බුද්ධ ප්‍රතිමාව සොයාගත් අම්රිත්සාර්(Amritsar) නගරය, අම්රිත්සාර් දිස්ත්‍රික්කයේ පරිපාලන මූලස්ථානය වන අතර පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන සංස්කෘතික, ප්‍රවාහන හා ආර්ථික මධ්‍යස්ථානයකි.
    එමෙන්ම පන්ජාබ් ප්‍රාන්තයේ ආර්ථික අගනුවර වන අම්රිත්සාර් වර්තමානයේ දිනකට සංචාරකයන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ද වේ.

    Latest News