මාවනැල්ලේ බුදු පිළිම කැඩූ 14ක් යළි රිමාන්ඩ්

අගෝ 22, 2019

    මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 14 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

    සැකකරුවන් අද (22) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් කෙරුණු අතර සැප්තැම්බර් 05 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින්  නියෝග ලබා දුනි.

    ඒ අනුව, මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 11:27

    Latest News