බුදුපිළිම උපදින අපූරු තැනක් (ඡායාරූප)

දෙසැ 18, 2019

    බදුල්ල - වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය ප්‍රදේශට ගිය විට අපුරු මූර්ති කලාගාරයක් ඔබට දැකිය හැකියි.

    එහි ඉතා අලංකා ලෙස නිමවූ බුදුපිළිම වහන්සේලා,දේව රූපය මෙන්ම මූර්ති රැසක් නිර්මාණය කෙරේ. කේ.පී .ජිනදාස නැමති කළාකරුවා මෙහි හිමිකරුයි.කළක් තිස්සේ මූර්ති කලාකරුවන් බිහිකරන ඔහු යටතේ තවත් පිරිසකට රැකියාවේ නිරත වෙයි.

    ජනදාසගේ සිය ජීවන කතාව මෙසේයි..

    "මගේ ගම වැලිමඩ, අමුණුදෝව. ඉගෙන ගත්තේ ගමේ නාවෙල විද්‍යාලයේ. පොඩි කාලෙ ඉදලම මට චිත්‍ර ඇඳීමේ හැකියාව තිබුණා. ගල්ලෑල්ලේ චිත්‍ර ඇන්දා.. ඊට පස්සෙ වැලි පොළවේ චිත්‍ර ඇන්දා.. පොඩි කාලෙම තාත්තා නැති උණා. චිත්‍ර පොතක් වත් ගන්න බැරි තරමට ආර්ථිකය දුර්වල උණා.. මගේ පාසැල් ගමන නතර උණා.. ඒ නිසා මම කුලී වැඩ කරන්න පටන් ගත්තා.

    ඔහොම ඉන්න කොට කොළම සිමෙන්ති අනන්න ගියා. ඊට පස්සේ ගල්කිස්සේ සුරතල් මත්ස්‍ය ආයතනයක වැඩ කරන ‍කොට කෞතුකාගාරයේ වැඩ කරන මහත්තෙක් හදුනා ගත්තා. ඒ මහතා මාව කෞතුකාගාරයේ සේවයට බදවා ගත්තා.
    ඒ වගේම මම විහාර කර්මාන්තයේ මූර්ති හා චිත්‍ර පිළිබදව වසර 4 ක පාඨමාලාවක් කළා. මැලේසියාවේ ක්වාලාලාම් පූර්හි විශාල බුදුපිළිමක් නිර්මාණය කරන්නත් මම සහාය උණා. කෞතුකාගාරයේ ස්ථිර රැකියාවක් දෙන්න හැදුවත් මම හිතුවා මගේම කලාගාරයක් පිටුවන්න ඒ අනුව
    මේ කලාගාරය පටන් ගන්න.

    මගේ බිරිදත් පුතාත් හවුල්උනා. නමුත් මම හිතුවා මේ කර්මාන්තය දියුණු කරන ගමන් තවත් පිරිසක් බිහිකරන්න. ඒ අනුව මම මෙහි දී පුහුණුකළ මූර්ති ශිල්පින් කීපදෙනෙක්ම දැනට තමන්ගේම කර්මාන්ත පටන්ගෙන තියෙනවා.

    මෙම කලායතනය දියුණු වෙනකොට මට තවත් කීපදෙනෙක් රැකියාවට බදවා ගන්නත් පුථවන් උනා. දවසකට රුපියල් දෙදහසක මුදලක් ඒ අයට දුන්නා. මෙහෙම යද්දී අර්ථසාධක හා ආදායම් බදු, සේවානියුක්ති අරමුදල වගේ ආයතනවලින් ආපු ගැටළු නිසා මම මේ රැකියා දිම නතර කළා.

    රුපියල් ලක්ෂ 7 ක් බදු විදයට ගෙවන්න කියලා කිව්වා. මට එහෙ ගෙවන්න සල්ලි නැහැ.ඒ නිසා මට නඩු දාලා.

    මම කරන්නේ සේවයක්. මේ කලාව නංවන්න රජය මට සහාය දිය යුතුයි කියලා මම හිතනවා.
    මේ පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැතිතුමාගේ අවධානය යොමුවෙයි කියල මම හිතාගෙන ඉන්නවා. දේශීය කර්මාන්ත නැංවීමට ඔවුන් කටයුතු කරයි කියල මම විශ්වාස කරනවා."

    මොහු විහාරස්ථාන රාශියක බුදුපිළිම නිර්මාණය කර තිබේ. මෙම කලාගාරයට පැමිණෙන අය කියන ආකාරයට පිළිම නිර්මාණය කිරීමේ හැකියාවක් ඔහු සතුව පවතියි.

    "අපට තියෙන තවත් ප්‍රශ්නය තමයි වැලි සහ මැටි ලබාගැනීමට ඇති නීතිමය ගැටලු..
    ඒ ප්‍රශ්නේ විසදුවොත් තවත් මූර්ති ශිල්පීන් රටට බිහිකරන්න පුථවන්.. දැන් මගේ වයස අවුරුදු 55 යි..මගේ පුතා පුහුණු කරලා තියෙනවා.. තවත් අය පුහුණු කරන්න මට අවශ්‍යයි.." යැයි ද ජිනදාස මහතා ප්‍රකාශ කළේය.

    Sculpture1 900px 19 12 18

    Sculpture5 900px 19 12 18

    Sculpture2 900px 19 12 18

    Sculpture3 900px 19 12 18

    Sculpture4 900px 19 12 18

    Sculpture5 900px 19 12 18

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 16:40

    Latest News