අධි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගන්නා අයට දීර් ඝකාලීන වීසා

නොවැ 11, 2022

    අධි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන් සඳහා දීර්ඝකාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා.

    ඒ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී.

    වර්තමානයේ මෙරට වඩාත් වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති හඳුන්වා දිය හැකියි. මෙම නිවාස මිලදී ගන්නා පුද්ගලයින් දීර්ඝ කාලයක සිට රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම දීර්ඝ කාලීන වීසා බලපත් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. එම නිවාස ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන්නන් හා නිවාස මිලදී ගන්නා විදේශිකයින් දිරිමත් කිරීම මෙහි අරමුණයි. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණා.

    Last modified on සිකුරාදා, 11 නොවැම්බර් 2022 16:35

    Latest News