විදේශීය අයෝජකයින් සඳහා නව ක්‍රමවේදයකට දීර්ඝ කාලින වීසා

අප්‍රේ 26, 2022

    විදේශීය අයෝජකයින් සඳහා දීර්ඝ කාලීන වාස වීසා (Residence Visa) නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.



    ඒ අනුව මීට පෙර ක්‍රියාත්මක වූ දීර්ඝ කාලීන වාස වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා 2021 මාර්තු 7 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වී ඇත.

    එම ක්‍රමවේදය යටතේ, සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි වශයෙන් ආයෝජනය කරනු ලබන විදේශිකයින්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ කලත්‍රයින්ට සහ යැපෙන්නට එලෙස ආයෝජනය කරනු ලබන අමෙරිකානු ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන වාස වීසා නිකුත් කෙරේ.

    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක් තැන්පත් කරනු ලබන විදේශිකයින් හට වසර 10ක කාලසීමාවක් දක්වා වාස වීසා නිකුත් කිරීමට හැකි වන පරිදි "රන් පාරාදීස වීසා වැඩසටහන" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    Latest News