මෙරට පළමු ඇඹුල් කෙසෙල් අපනයනය ලබන 26 වැනිදා

නොවැ 10, 2022

    ශ්‍රී ලංකාවෙන් පළමු වරට ඇඹුල් කෙසෙල් අපනයනය ලබන 26 වැනිදා සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

    කෙසෙල් කිලෝ 12,500 ක් ඩුබායි වෙළෙඳපොළ වෙත යැවීමට නියමිතයි.
    කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා කෘෂි ආදර්ශ උද්‍යාන පිහිටුවා තිබෙනවා. එමගින් පවත්වාගෙන යන රාජාංගණය ඇඹුල් කෙසෙල් උද්‍යානය ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. මෙහි අක්කර 200 ක භූමි ප්‍රදේශයක කෙසෙල් වගා කර ඇති අතර, ඊට අවශ්‍ය මූල්‍යාධාර, නව තාක්ෂණ දැණුම, උපදෙස් හා පුහුණුව ලබාදීම මෙන්ම අවශ්‍ය වෙළෙඳපොළ සම්බන්ධීකරණයද සිදු කරනු ලැබ ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්. සෑම සෙනසුරාදා දිනකම කෙසෙල් කිලෝ 12,500 බැගින් ඩුබායි වෙළෙඳපොළ වෙත යැවීමට සැලසුම් කර තිබෙනවා.

    Latest News