කොළඹ වරාය බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

නොවැ 09, 2022

    අමෙරිකානු ඩොලර් මිලියන 780 ක සෘජු ආයෝජනයක් සිදු කෙරෙන, කොළඹ වරාය බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ ඉදිකිරීම්, අද ආරම්භ කෙරුණා.

    මෙය ක්‍රියාවට නංවනු ලබන්නේ, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ.  නව පර්යන්තයේ ඉදිකිරීම් සඳහා වැලි පිරවීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.  මෙම පර්යන්තය හෙක්ටයාර 65 කින් යුක්ත වන අතර, වාර්ෂික මෙහෙයුම් ධාරිතාව බහලුම් මිලියන 3 ක්.  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පෞද්ගලික සමාගම යනුවෙන් ආයතනයක් ස්ථාපනය කර තිබෙනවා.  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, මෙම පර්යන්තය මගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත් වන බවයි.

    Latest News