සත්වෝද්‍යානවලින් ඉහළ ආදායමක්

දෙසැ 27, 2021

    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා තිබෙන සත්වොද්‍යාන තුනක සහ සපාරි පාක් උද්‍යානයෙන් පසුගිය දෙදින තුළ රුපියල් පනස් හතර ලක්ෂ අනූ අට දහස් තුන්සිය ආදායමයක් ලබා ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසයි.

    ඒ අනූව දෙහිවල සත්වෝද්‍යානය,පින්නවල සත්ව උද්‍යානය,පින්නවල අලි අනාථාගාරය මෙන්ම රිදියගම සපාරි පාක් උද්‍යානයෙන් මෙම ආදායම ලැබී ඇතැයි අධ්‍යක්ෂකවරිය පවසයි.

    ඉකුත් 25 වැනි දින නරඹන්නන් 12,807ක් ද 26 වැනි දින නරඹන්නන් 18,358 ද මෙම උද්‍යාන වෙත පැමිණ ඇතැයි, ඇය ප්‍රකාශ කරයි.

    Latest News