දෙහිවල සත්තුන්ට නම් තබන්න දරුවන්ටත් අවස්ථාවක්

දෙසැ 12, 2021

    දෙහිවල සත්වෝද්‍යානය තුළ පසුගිය මාස 03ක කාලය තුලදී උපත ලද ක්ෂීරපායි සත්ව පැටවුන් සඳහා සුදුසු නම් තැබීමට අවුරුදු 18න් පහළ දුදරුවන්ට අවස්ථාවක් ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ.

    එම නම් පහත සඳහන් සතුන් වෙනුවෙන් 070 - 6988488 අංකයට SMS පණිවිඩයක්, වට්ස්ඇප් හෝ http://nationalzoo.gov.lk/ යන ෆේස්බුක් පිටුවට මෙම මස 20 වැනිදාට පෙර යොමු කළ යුතුයි.

    එම පණිවිඩයේ සත්ව පැටවා, යෝජිත නම, ඔබගේ නම, වයස, පාසැල සහ ලිපිනය දන්වා එවීමට කටයුතු කළ යුතුය.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම නම් අතුරින් ඉතාම සුදුසු නම් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් තෝරා ගෙන දෙසැම්බර් 25 වැනිදා පැවැත්වෙන නම් තැබීමේ උත්සවයේදී එළිදක්වන බවයි .

    නම් තැබිය යුතු සතුන්ගේ ලැයිස්තුව පහතින්..

    zoo

    Latest News