08 වැනිදාට පූර් ණ චන්ද්‍රග්‍රහණයක්

නොවැ 04, 2022

    ලබන 8 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

    එය මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණයයි. පුර්ණ චන්ද්‍රග්‍රහණය ලෙස ලෝකයට දිස් වුවද ලංකාවට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් වන බවයි ඔහු සඳහන් කළේ.

    එම චන්ද්‍රග්‍රහණය පස්වරු 5.48 සිට 6.19 වෙනතුරු විනාඩි 31ක කාලයක් අර්ධ චන්ද්‍රග්‍රහණක් ලෙස ලංකාවේ නැගෙනහිර සිතිජයේ දැකගත හැකියි.

    යළිත් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලොවට දිස්වන්නේ 2025 මාර්තු 14 වැනිදා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News