ලෝකය වෙනුවෙන් ජනපතිගෙන් ඉල්ලීමක්

නොවැ 08, 2022

    ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර් තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන්  ඉල්ලා සිටියේය. 

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊජිප්තුවේ ෂාම් එල් ෂීක්(Sharm El Sheikh)හිදී  පැවැත්වෙන දේශගුණික විපර් යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වටමේස සාකච්ඡාවට ඊයේ (07) සහභාගී වෙමින්.

    ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

    2023 පෙබරවාරි මස වන විට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර 2023 පළමු කාර් තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා  එසේ නොවුණහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කළ නොහැකි බව ද පැවසීය. 

    Last modified on අඟහරුවාදා, 08 නොවැම්බර් 2022 10:57

    Latest News