'රට තුල ඉන්ධන හිගයක් නෑ' - සිපෙට්කෝ

නොවැ 06, 2022

    ‍ඇතැම් ප්‍රදේශයන්හි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බවට වාර් තා වනවා. එහෙත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවයි.

    ඇතැම් පිරවුම්හල් ඉන්ධන නොමැති බව පවසමින් වසා දමා ඇති ආකාරය දක්නට ලැබෙන බවයි, අප වාර්තාකරුවන් පවසන්නේ. මේ හේතුවෙන්, ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබෙනවා.

    ඉදිරි දින කිහිපයේදී ඉන්ධන රැගත් නෞකා කිහිපයක් දිවයිනට ළඟාවීමට නියමිත බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ.

    පවතින ඉන්ධන තොග දින 15 කට ප්‍රමාණවත්. ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැතිවීමට හේතුව ඔවුන් නිසි පරිදි ඉන්ධන ඇනවුම් නොකිරීම බවයි, සංස්ථාව පවසන්නේ.

    Latest News