ඉන්ධනවල බලය වැඩිකරන පෙත්ත ගැන අනතුරු ඇඟවීමක්

ඔක් 26, 2022

    ඉන්ධනවල ක්‍රියාකාරීත්වය වැඩිකරන Eco Tablet නමැති ඉන්ධනවලට සංකලනය කරන පෙත්තක් සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව Eco Tablet පෙත්ත සිපෙට්කෝ ඉන්ධන සමඟ සංකලනය කිරීමට කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතියක් ලබාදී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ.

    අදාළ ආයතනයට විරුද්ධව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර ඇති බවත්, මෙම Eco Tablet නැමැති කූට ප්‍රචාරයන්ට හසු නොවන ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම් දෙයි.

    සංස්ථාවට අයත් කිසිඳු සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක සංස්ථා අවසරයකින් තොරව මෙවැනි ද්‍රව්‍ය විකිණීමට හෝ අලෙවි ප්‍රවර්ධන කටයුතුවලට සහය දීම අප ආයතන‍යේ නීති රීතිවලට පටහැනි බව සංස්ථා අලෙවි කාර්යාංශ චක්‍රලේඛ මගින් සියළුම සංස්ථා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් දැනටමත් දැනුවත් කර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත්කළ නිවේදනයේ සඳහන්.

    1

    2

    3

    Latest News