වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට

මැයි 12, 2020

    සාම්පූර් පොලිස් වසමේ තංගපුරම් ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.

    ඊයේ(11) සවස 3.30ට පමණ මේ පිළිබඳ සාම්පූර් පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භකර තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ තංගපුරම්, ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. මෙම කාන්තාව කුලියට හරකුන් හා එළුවන් බලාගනිමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ. මෘත ශරීරය මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු ඥතීන් වෙත භාරදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සාම්පූර් පොලීසි වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News