එක් මරණයකින් තවත් ජීවිත රැසකට පණ (වීඩියෝ)

නොවැ 01, 2022

     මොළය මියගිය අයෙකුගේ අවයව දන්දීම සඳහා බදුල්ලේ සිට කොළඹට  ගුවනින් ගෙන ආ පුවතක් අපට වාර්තා වුණා.  

    48 හැවිරිදි එම්.ජී චමින්ද මහතා හසලක, මහඅස්වැදුම ගම්මානයේ පදිංචි දෙදරු පියෙක්. ඔහු ඉකුත් 26 වැනිදා රැකියාව නිම කර නැවත නිවස බලා යමින් සිටියදී බසයෙන් ඇඳ වැටී අනතුරකට ලක්වුණා. ‍අනතුරින් හිසට බරපතල තුවාල සිදුවී වූ අතර ඔහු දින ගණනක් බදුල්ල මහ ‍රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.

     නමුත් වෛද්‍යවරු රෝගියාගේ පවුලේ සාමාජිකයින්ට දන්වා ඇත්තේ චමින්දගේ මොළය මියගොස් ඇත් බැවින් ඔහු තවදුරටත් ජීවත් කළ නොහැකි බවයි. ‍‍

    ඒ පුවතත් සමග චමින්දගේ බිරිඳ තම ස්වාමියාගේ අවයම දන්දීමට තීරණය කළා. ඒ අනූව බදුල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායම හා ගුවන් හමුදාව එක්ව විසින් චමින්ද ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට ඊයේ (31) උදෑසන රැගෙන එනු ලැබුවා.

    විදේශ වෛද්‍ය කණ්ඩායමකගේ ද සහාය ඇතිව චමින්දගේ හදවත, වෙනත් රෝගියෙකුට බද්ධ කිරීමට නියමිතයි. ඔහුගේ වකුගඩු බදුල්ල මහ රෝහලේ රෝගීන් දෙදෙනෙක්ට බද්ධ කෙරෙන අතර පෙණහලු සහ අක්මාව මහනුවර රෝහලේ දී තවත් රෝගියෙකුට බද්ධ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

    අවයව ඉවත් කිරීමෙන් පසු ඔහුගේ සිරුර යළි බදුල්ල මහ රෝහලට ගෙනැවිත් මරණ පරීක්ෂණයෙන් පසු පවුලේ ඥාතීන්ගේ භාරදීමට නියමිතයි.

     

    දර්ශන - පාලිත ආරියවංශ හා ගුවන් හමුදාව 

    වාර්තාව - ප්‍රවෘත්ති වෙබ් ඒකකය

     

    Last modified on අඟහරුවාදා, 01 නොවැම්බර් 2022 16:14

    Latest News