සැප්. විදෙස් ශ්‍රමික ප්‍රේෂණ 10% කින් ඉහළට...

ඔක් 27, 2022

    ඉකුත් සැප්තැම්බර් මාසයේ විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 34 කින් ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

    එය 10% ක වැඩිවීමක්. විදෙස්ගත ශ්‍රමිකයන් සැප්තැම්බර් මාසයේ මෙරටට එවූ සම්පූර්ණ විදේශ මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 359ක්. විදේශ විනිමය ඉපයීමේ ප්‍රමුඛතම මූලාශ්‍රයක් වන විදේශ ප්‍රේෂණ මගින් පසුගිය දශක දෙක තුළ වාර්ෂික වෙළෙඳ හිඟයෙන් 80%ක් පමණ ආවරණය කෙරුණා. 29,072ක් එම මාසය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා. 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ වර්තමානයේ පවතින රට තුළ පවතින ආර්ථික හා දේශපාලන පසුබෑම යන ගැටලු හමුවේ විශේෂයෙන් තරුණ කොටස් විදේශ ගතවීමේ ප්‍රවනතාවක් ඇති වුණා.

    විදෙස් රටවලින් මෙරටට ලබාදෙන රැකියා කෝටා ප්‍රමාණයද ඉහළ ගොස් තිබෙනවා. ක්වේට්, සවුදි අරාබිය, ඊශ්‍රායලය, ඕමානය, කටාර් යන මැදපෙරදිග රටවල් මෙන්ම, ජපානය, කොරියාව, රුමේනියාව යන රටවලින්ද වැඩි අවස්ථා ලැබී තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් අවිධිමත් මාර්ග ඔස්සේ මුදල් එවීමට ද පෙළඹී ති‍බුණද මේ වන විට රට ස්ථාවර තත්වයකට පත් වෙමින් පැවතීම නිසා ශ්‍රමිකයන් තම වැටුප නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට එවීමට පෙළඹී සිටිනවා.

    Latest News