අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාවේ අනුමැතිය හිමිව ඇත.

නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කුට වසර 3ක් නීතීඥ වෘත්තියේ නියැලීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කරයි.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට එරෙහිව හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනා අද ඉල්ලා අස්කර ගෙන තිබේ. 

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට දුන් නියෝගය අහෝසි කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කළේය.

Latest News