අලුත්ගමගේ ජුලි 4 යළි අධිකරණයට

මාර් 19, 2019

    හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජුනි මස 4 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරුවරයා නියම කළේ මෙම නඩුව ජුලි මස 4 වන දා විභාගය ගන්නා බවයි.

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමති වෘත්තිය සමිතිය සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තිය සමිති තීරයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 11:09

    Latest News