හැටන් - බගවන්තලාව පයින් යන්නන්ට විවරයි

ඔක් 31, 2018

    නැයයෑම් හේතුවෙන් ඇනහිට තිබූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය පයින් ගමන් කිරීම සඳහා පමණක් ඊයේ විවෘත කෙරුණි.

    නායයෑම් සිදුවුණේ පසුගිය 13 වැනිදායි. අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයේ ප්‍රතිසංස්කරණ අපහසුවී තිබුණි. කඳුකර ප්‍රදේශයක් වන මෙහි, නව මාර්ගයක් සැකසීම ද අපහසු විය.

    කාසල්රි ජලාශයට ප්‍රවේශ මාර්ගයක් වන මෙහි ගමනාගමනය ඇන හිටීමෙන් ගැටලු රැසක් පැන නැගී තිබේ. නාය යෑම් හේතුවෙන් ගම්මාන රැසක ජනතාවට දුෂ්කර වතු මාර්ග භාවිත කිරීමට සිදුවිය.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින්, මාර්ගයේ ප්‍රතිසංස්කරණ කෙරෙන අතර, තවත් දින කිහිපයකින් මුළුමනින්ම යථා තත්වයට පත්කළ හැකි බවයි, නිලධාරීන් පවසන්නේ.

    කාසල්රි ජලාශයට ඉහළින් වන මෙම මාර්ගයේ මීටර 45ක පමණ කොටසක් නාය යෑමට ලක්විය.

    Latest News