කුඩු ඇල්ලීමට ගිය කොස්තාපල්වරුන්ට ප්‍රහාරයක්

ඔක් 31, 2018

    ගලේවෙල, කිරලගොල්ලේ ගංජා, මත්කුඩු, අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වන ගණිකා නිවසක් වැටලීමේදි ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව ගලේවෙල පොලිසියේ නිළධාරින් 02ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    තුවාල ලැබූ එක් කොස්තාපල් වරයෙකු ගලේවෙල රෝහලේ ද අනෙක‍් කොස්තාපල්වරයා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

    දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන කොස්තාපල් ගාමිණී කුමාරසිංහ කියා සිටියේ රාත්‍රී සේවා මුරයේ සිටියදී ලැබුණු තොරතුරක් පොලිස් කණ්ඩායමක් යතුරුපැදිවලින් තලකිරියාගම කිරලගොල්ල ප්‍රදේශයේ නිවසට යන විට තරුණයන් කණ්ඩායමක් කුඩු පානය කරමින් සිටි බවයි. එක් පුද්ගලයෙකුට අත්අඩංගුවට ගෙන මාංචු දමනවා සමග ඔහු විලාප තැබු බවත් ඔහු පැවසුවේය.

    එවිට අවට සිටි පහළොවක් පමණ කණ්ඩායමක් පැමිණ පොලිස් නිලධාරීන් පස් දෙනාට පහර දෙන්නට පටන් ගෙන ඇත. එම නිවසේ තිබූ හැලි වලන් වලින් පුටුවලින් හිරමණෙන් පොලුවලින් ආදී විවිධ උපකරණ වලින් පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස ඔවුහු පහරදී තිබේ. පහරදුන් ප්‍රධාන සැකකරු "කුඩු පොඩ්ඩා " නමින් හඳුන්වන පුද්ගලයා මාංචු දමා සිටියදී පොලිසියෙන් පැන ගිය බව පොලිසිය කියයි. පුද්ගලයන් දෙදෙනෙකු එම අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගැනිමට පොලිස් නිළධාරින් සමත්ව තිබේ.

    ගලේවෙල කුඩු පොඩ්ඩා නමින් හඳුන්වන ප්‍රධාන සැකකරු කාලක සිට මෙම ස්ථානයේ මත්කුඩු අලෙවිය සිදු කරමින් තිබේ.

    අත්අඩංගුවට පත් සැකකරුවන් දඹුල්ල පොලිසියේ සිරමැදිරියේ රඳවා ඇති අතර ඔවුන් මාංචු සමඟින් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ වන විට සැකකරුවන් සොයා පරික්ෂණ ආරම්භ කර තිබේ.

    police 2 px 900 18 10 31

    police 3 px 900 18 10 31

     

    Latest News