වෙලේසුදාට අධිකරණයෙන් දුන් තීන්දුව

ඔක් 31, 2018

    ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඥාති සොයුරියකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 13 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කෙරුණා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී නඩුව දෙසැම්බර් මස 13 දා විභාගයට ගන්නා බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන්ට අවවාද කළේය.

    හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් කෝට්ටේ ,දෙහිවල සහ රාජගිරිය ප්‍රදේශ වලින් රුපියල් කෝටි 17 කට ආසන්න වටිනාකමකින් යුත් ඉඩම් හා දේපළ අත්පත් කරගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් වෙලේ සුදා ඔහුගේ බිරිඳ ගයනි ප්‍රියදර්ශනී , ඔහුගේ ඥාති සොහොයුරිය වන වසන්ති වසුන්දරා යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

    මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින වෙලේ සුදා නමැත්තා වෙනත් මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටී.

    Latest News