යාල සිද්ධියට වගකිවයුතු නව දෙනෙක්ට ඇප

ඔක් 27, 2022

    යාල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධි ලෙස ජීප් රථ ධාවනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නවදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කළේය.

    එම සිද්ධියට අදාළ ජීප් රථ පහක් අධිකරණ භාරයේ තැබීමටද, නියම කෙරිණ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව භාරයට පත් මේ සැකකරුවන් සහ ජීප් රථ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා මේ නියෝගය කළේය.

    Latest News