යාල රක්ෂිතයේ මැණික් ගැරූ 4කට මාංචු

පෙබ 18, 2020

    යාල ජාතික වනෝද්‍යානයේ පැලෑස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මහාපරිමාණයෙන් මැණික් පතල් ජාවාරමක් වටලා සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකළේ මොනරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින්.

    මෙම පතල් කැණීම් නිසා වනෝද්‍යානයට විශාල හානියක් සිදුව ඇත. සැකකරුවන් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25-44 අතර පසුවන්නන්. ඔවුන් සතුව තිබී මැණික් ගැරීම සදහා උපයෝගී කර ගත් උපකරණ රැසක් ද වනජීවි නිලධාරීන් භාරයට ගැනිණ.

    සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොනරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 10:09

    Latest News