අධ්‍යාපන චාරිකාවේ ගිය බසය අනතුරක

මාර් 19, 2019

    ගාල්ල මහින්ද විද්‍යාලයේ සිට හම්බන්තොට අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී බස් රථය අම්බලන්තොට දී තවත් බස් රථයක ගැටී තිබේ.

    මෙම අනතුරින් බස් රථයේ ගමන් කළ සිසුන් 15 දෙනෙකු, ගුරුවරු තිදෙනෙකු හා දෙමාපියෝ දෙදෙනෙකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි. අද (19) පෙරවරු 8.30 ට පමණ අනතුරි සිදුව ඇත.


    ගාල්ල මහින්ද විද්‍යාලයේ හයවැනි වසරේ සිසුන් 200ක් පමණ මෙම අධ්‍යාපන චාරිකාවට සහභාගි වී සිට ඇති බව පොලීසිය පවසයි. ඔවුන් හම්බන්තොට ප්‍රදේශය කේන්ද්‍ර කර මෙම චාරිකාව සංවිධානය කොට තිබුණි.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 11:08

    Latest News