පුරාවස්තු කැනීමට අනුබලදුන් ස්ථානාධිපති අත්අඩංගුවට

මාර් 19, 2019

    පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයකින් පුරාවස්තු ලබා ගැනීමේ කැනීම් කටයුත්තක් සඳහා ආධාර අනුබල ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව පොලිසිය විසිනි.

    ඊච්චන්කුලම, කල්මඩුල ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කටයුතු සිදුකල පුද්ගලයින් 05 දෙනෙකු වව්නියාව දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 17 වැනිදා අළුයම අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ සදහා ආධාර අනුබල ලබාදුන් බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂ් කුමාර සහ එම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල් විසුල් නිලන්ත විතාන යන අය අද (19) පෙරවරුවේ වව්නියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 10:50

    Latest News