සූරිය විදුලි පද්ධතිට ගෙවන ගාස්තු සංශෝධනය කෙරේ

ඔක් 26, 2022

    වහල මත සවිකර ඇති සූරිය විදුලි පද්ධති වෙනුවෙන් ගෙවන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක ඒකකයට රුපියල් 22 හා රුපියල් 15.5ක ගාස්තුව වෙනුවට කිලෝවොට් 500ට අඩු සූර්ය විදුලි පද්ධති සඳහා ඒකකයට රුපියල් 37ක්ද කිලෝවොට් 500ට වැඩි සූර්ය පද්ධති සඳහා ඒකකයකට රුපියල් 34.50ක ගාස්තුවක්ද ලබාදීමට අවසර හිමිව තිබේ.

    අදාළ ගාස්තු වාර්ෂිකව මිල සූත්‍රයක් අනුව සංශෝධනය කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

    9569dc1c45d0cb58ec37fc8995f44dbd

     

     

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 11:35

    Latest News