ජනපතිගෙන් ලැබුණ 'භූ අභිමානි' ප්‍රණාම

මාර් 19, 2019

    භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් පරිසර හිතකාමී දේශයක් බිහිකරනු උදෙසා සංවිධාන කරන ලද, භූ අභිමානි, හරිත හරසර ප‍්‍රණාම උලෙළ 2019 ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 

    ශ‍්‍රී ලංකාව සතු ඛනිජ සම්පත අවභාවිත කිරීම මැඩලීම මගින්, තිරසර හෙටක් - සංවර්ධිත රටක්, ගොඩනැඟීම උදෙසා මහත් කැපවීමෙන් හා පරිශ‍්‍රමයෙන් යුතුව තම දේශය වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඛනිජ සම්පත් ආරක්ෂා කිරිමෙහිලා සහ පරිසරයේ පොදු සුභ සිද්ධිය උදෙසා සිදු කරනු ලැබු මහඟු සේවය අගය කරමින් නිලධාරින් වෙත ජනාධිපති ප‍්‍රශංසා සම්මාන පිළිගැන්වීම මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනන්‍යතාව තහවුරු කරනු වස් නිර්මාණය කරනු ලැබූ භූ විද්‍යා ධජය එළිදැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 12:24

    Latest News