නොසැලකිල්ල නිසා දියේ ගිලීගිය ජීවිතය..(ඡායාරූප)

මාර් 19, 2019

    කන්ඩලම වැවේ  දූපතකට පිහිනීමට ගිය තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

    කණ්ඩලම, අතුපාරයාය ප්‍රදේශයේ තරුණයන් පස්දෙනෙකු ඊයේ (18) පස්වරුවේ දියනෑම සඳහා කණ්ඩලම වැවට පැමිණ වැව මැද පිහිටි කුඩා දූපතකට පිහිණමින් යන අතරතුර ගැඹුරු ස්ථානයකට වැටීමත් සමග එක් තරුණයෙකු ජලයේ ගිලී ගොස් තිබේ.   අනෙක් සිව්දෙනා ගොඩට පිහිනා ජීවිත බේරාගෙන තිබේ.

    මියගොස්  ඇත්තේ රත්නපුර  පදිංචි දඹුල්ල, අතුපාරයාය ප්‍රදේශයට ඥාතී නිවසකට පැමිණ සිටින සනත් සේනාරත්න (20) තරුණයෙකි.

    දඹුල්ල පොලීසිය පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් ධීවර සමිතියේ නිලධාරීන් එක්ව මෙම තරුණයාගේ සිරුර සොයා පැය තුනක පමණ දැඩි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

    පසුව ධීවරයන් සමග එක්ව මසුන් මරන දැලක් යොදා  ජලයේ  අභ්‍යන්තරයේ  තිබූ  මළසිරුර රාත්‍රී කාලයේ සොයා ගැනීමට හැකිවූ බවයි පොලීසිය පවසන්නේ.ෙ ආරක්ෂක දැන්වීම් පුවරු නොතකා ඉතාමත්ම අනාරක්ෂිත ලෙස පිහිනීම හේතුවෙන් ජීවිත අහිමි වූ බවයි, පොලිස් සැරයන්  සුනිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    diye gilima 04jpg

    diye gilima 03jpg

    diye gilima 01

    diye gilima 02

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 10:36

    Latest News