කාන්තන්කුඩියේ වැවක ගිලී තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

නොවැ 25, 2019

    කාන්තන්කුඩි කළපුවට යාබද කුඩා වැවක මසුන් ඇල්ලීමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

    අද(25) දහවල් මාළු ඇල්ලීම සඳහා පුද්ගලයින් පස් දෙනකු ගොස් ඇති අතර ඔරුව පෙරලීමෙන් ඉන් තිදෙනෙකු අතුරුදන් වී ඇත. අතුරුදන් වූ පුද්ගලයින් 3ගේ සිරුරු කල්ලඩි කඳවුරේ නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගැනීමට හැකිව තිබේ.

    මෙලෙස මිය ගොස් ඇත්තේ ආරියම්පදි ප්‍රදේශයේ පදිංචි 18,19 සහ 20 හැවිරිදි වියේ පසු වූ පුද්ගයින් බව පොලීසිය පවසයි.

    Latest News