ඡායාරූප ගැනිමට ගොස් සේර ඇල්ලට වැටී මනලයා ජිවිතක්ෂයට

ජූනි 29, 2020

    මංගල ඡායාරූප ලබා ගැනිමට යාමේදි රිවස්ටන් හි පිහිටි සේර ඇල්ලට වැටීමෙන් ඊයේ (28) පස්වරුවේ මනමාලයා ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

    ඡායාරූපය ලබා ගැනීමට යාමේදී මෙම නව යුවල රිවස්ටන්හි පිහිටි සේර ඇල්ලට වැටී ඇති අතර මනමාලිය ගේ ජීවිතය බේරා ගෙන ඇති නමුත් මනමාලයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ලග්ගල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

    මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි කිරිවන්න, පන්සියගම කුරුණැගල පදිංචි තරුණයෙක් බව සඳහන්. ඊයේ සවස 4.20 ට පමණ නව යුවල ඡායාරුප ගැනිමට ගොස් සිටියදී මෙම අවසානාවන්ත සිද්ධියට මුහුන පා ඇත. මිය ගිය තරුණයාගේ සිරුර අද නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් ගොඩ ගෙන තිබේ.

    Latest News