අසිමිත බදු බර අඩු කිරිමේ පොරොන්දුවක් (වීඩියෝ)

ඔක් 31, 2018
  • සියලු ජනකොටස් වෙත එකසේ ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැංවීම නව රජයේ අරමුණ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. 

    අඩපන වී ඇති දේශීය කර්මාන්ත මෙන්ම ශ්‍රාමීය ආර්ථිකය ද යළි නගා සිටුවිය යුතු බවයි, අග්‍රාමාත්‍යතුමා කියා සිටියේ.  මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් එම අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් අග්‍රමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළා. 

    සෙත් පිරිත් සඡ්ඤායනා මධ්‍යයේ එතුමා සිය ධුරයේ රාජකාරී ඇරඹීය.  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යතුමා කියා සිටියේ, රටේ ජනතාව මත අසීමිත බදු බර පටවමින් පැවති සමය කඩිනමින් අවසන් කිරීම තම අපේක්ෂාව බවයි.  මැති ඇමතිවරුන් සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් එස්.ආර්.ආටිගල මහතා ද මේ අවස්ථාවට එක්විය.

     

     

    Last modified on බදාදා, 31 ඔක්තෝබර් 2018 18:44

    Latest News