ජන හර සර මැද ඇමති තොණ්ඩාමන් ගමට

ඔක් 31, 2018

    කඳුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ආරුමුගන් තොණ්ඩාමන් මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ හැටන් නගරයේ දී පැවැත්විණ.

    වතුකරයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය. ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ දිවංගත සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතාගේ 106 වැනි ඡන්ම දිනයත් ඊයේට යෙදී තිබීම විශේෂත්වයක්.

    හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව නාම පුවරුව විවෘත කළ අමාත්‍යවරයා දිවංගත නායකයාට පුෂ්පෝපහාර පුද කළේය.

    සෞම්‍යමූර්ති මහතා ඉදිකළ පොදු පහසුකම් කිහිපයක් එතුමාගේ නමින් එළි දැක්වීම ද සිදු කෙරුණි.

    Last modified on බදාදා, 31 ඔක්තෝබර් 2018 10:29

    Latest News