නාමල්ට ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ අනු කමිටුවේ සභාපති ධූරය...

ඔක් 08, 2022

    කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්වී තිබෙනවා. 

    නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ,  පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින්.  පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා යෝජනාව ස්ථිර කළා.  රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සාමාජික මන්ත්‍රීවරුන් එහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් කළා.  රාජ්‍ය පරිපාලනය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති නවීකරණය, අධ්‍යාපන ප්‍රතිපත්ති නවීකරණය, ධීවර හා ආහාර ප්‍රතිපත්ති නවීකරණය යන විෂයන්ට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අදාළ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරුන් එකඟ වුණා. 

    විදුලිබල හා බලශක්ති ප්‍රතිපත්ති නවීකරණය, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති නවීකරණය සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවීකරණයද ඊට ඇතුළත්.  අදහස් හා යෝජනා අනුව, කෙටි කාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යම කාලීන යෝජනා දෙමසක් ඇතුළතත්, දීර්ඝ කාලීන යෝජනා තුන්මසක් ඇතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට අනු කමිටු සාමාජිකයන් එකඟ වී තිබෙනවා.  අමාත්‍ය නසීර් අහමඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News