පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක්...

ඔක් 08, 2022

    පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපනයට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

    ඒ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාතාංශයේදී ඊයේ (08) පැවැත්වුණා.  එම කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ ඒ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතයි.  2022 සිට 2024 දක්වා හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනවා. 

    දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ගෙනයාමට සැලසුම් කර තිබීමද විශේෂත්වයක්.  මූලික පියවර ලෙස ඉදිරි සතිය තුළ එක් පළාතක් තෝරාගෙන අදාළ පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා.  ඔක්තෝබර් මාසය පෝෂණ මාසය ලෙස නම් කර ඇති හෙයින්, පෝෂණය සම්බන්ධවෙන් වන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 

    පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.  නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ පෝෂණ අවශ්‍යතා සහිත පවුල් හඳුනාගෙන අදාළ අමාත්‍යාංශයවල එකාබද්ධතාවයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා.  සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News