සෝලා පැනලයක් මගින් ක්‍රියාත්මක නව බෝට්ටුවක්...

ඔක් 08, 2022

    නවෝත්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදිත සෝලා පැනලයක් මගින් ක්‍රියාත්මක නව බෝට්ටුවක් පසුගියදා හඳුන්වාදෙනු ලැබුවා. 

    එය නිෂ්පාදනය කර ඇත්තේ, වෛද්‍ය අවන්ත අතපත්තු මහතායි. බෝට්ටුව හඳුන්වා දීම සිදු කෙරුණේ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන්.  එහිදී වෛද්‍ය අවන්ත අතපත්තු මහතා ප්‍රකාශ කළේ, පරිසරය ආරක්ෂා කර ගනිමින් බෝට්ටුව ධාවනය කිරීම සඳහා මෙම නිෂ්පාදනය කළ බවයි.  සූර්ය බලශක්තිය උපයෝගී කර ගනිමින් එය බලගැන්වීම සිදු කෙරෙනවා.  සූර්ය ශක්තිය අවම කාලයකදී වුවද, කුඩා බැටරියක බලශක්තිය ගබඩා කර ඒ ආධාරයෙන් බෝට්ටුව ධාවනය කළ හැකියි.  පරිසර ආරක්ෂාව මෙන්ම, ජලජ ජීවීන්ගේ ආරක්ෂාව මූලික අරමුණයි. 

    Latest News