වැරැල්ලවත්ත ඉදිකෙරෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇමති නාමල්ගේ නිරීක්ෂණයට

මැයි 09, 2021

    ආණ්ඩුව විවේචනය කරමින් නොසිට කොවිඩ් මර්දනය සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වන්න යැයි, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයෙන් ඉල්ලයි.

    කොවිඩ් පිට දමා ජනතා ප්‍රශ්න මගහැරීමට ආණ්ඩුව සූදානම් නොමැති බවත්, කොවිඩ් පාලනය කරන අතරතුරම රටේ සංවර්ධනය හා ජනතා ප්‍රශ්න විසඳීම ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දී ඇති බවත්, ඔහු පෙන්වා දෙයි.

    යක්කල වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන ඇදන් 2000කින් සමන්විත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    මේ වන විට පොදුජන පෙරමුණ, පොදුජන පෙරමුණේ තරුන සංවිධානය,යෞවන සමාජ ව්‍යාපාරය,යෞවන බල මණ්ඩල මේ සියලු දෙනා වගේම ස්වෙච්ජා සංවිධාන ඒකරාශී වෙල කොවිඩ් මර්දන වැඩපිළිවෙළට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න සූදානම්. කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අදාළ පහසුකම් සපයන්නත් ශ්‍රම දායකත්වය ලබා දෙන්න්ත අප මැදිහත් වී සිටිනවා.

    මේ යටතේ දින දහයක් තුළ ඇදන් 10,000ක් සෞඛ්‍ය පද්ධතියට එකතු කිරීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කළා. ඒ සඳහාත් නොයෙක් ස්වෙච්ජා සංවිධාන ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. පොදුජන පෙරමුණ කියන්නේ,දේශපාලන පක්ෂයක්. දේශපාලන ව්‍යාපාරයක්. අපේ ඉංජිනේරු සංගමය පක්ෂයත් එක්ක බැදුණු යෞවන සමාජ ව්‍යාපාරය ඇතුළු ලංකාවේ ස්වෙච්ජා සංවිධාන අද මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. මේක දේශපාලන පක්ෂයක වැඩක් නොවෙයි.

    රටේ මහජනතාව වෙනුවෙන් කරන පොදු වැඩක්. ඒ නිසා සියලු දෙනාටම මේ සඳහා දායකත්වය ලබා දීම විවෘතයි. දේශපාලන පක්ෂයක් විදිහට අපි වගකීම ඉටු කරන්න මැදිහත් වුණා වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාව ඒකට සහයෝගය ලබා දෙයි කියලා. ඒ ඇදන් දහ දාහ බෙදාහැරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරේ.

    Latest News