උඩවලව - මුව දඩයම අතර වෙඩි හුවමාරුවක්

ඔක් 31, 2018

    උඩවලව රක්ෂිතයේ මුවන් ඝාතනයක කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

    පොලිස් විශෙෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී එක් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.

    අනෙක් සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු අතර, ටී 56 වර්ගයේ ගිනි අවියක්ද, එම සජීවී පතරොම් 27ක් හා මුව මස් හා මරණ ලද මුවන් කිහිපදෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇත.

    පොලිස්පතිතුමාගේ නියමයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 31 ඔක්තෝබර් 2018 11:35

    Latest News