නෙළුම් කුලුණ දින 4න් මිලියන 10ක මුදලක් උපයයි

සැප් 20, 2022

    නෙළුම් කුලුන නැරඹීම සඳහා මහජනතාවට ලබා දී ඇති කාලය හෙට (20) වෙනස් කර ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

    ඒ අනුව සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකිය.

    සති අන්තයේ උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකිවේ.

    එසේම, මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් ඉදිරියට නිකුත් නොකරන බවත් ඒ අනුව එය නැරඹීම සඳහා නිකුත්කරන ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 500ක් බවත් ප්‍රසාද් සමරසිංහ මහතා සදහන් කරයි.

    Latest News