ශ්‍රී ලංකාවේ වන අලිගහනය 7000 දක්වා ඉහළට

සැප් 15, 2022

    ශ්‍රී ලංකාවේ වනඅලිගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙතෙක් ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය පිළිබඳව සඳහන් වුයේ එම සතුන් ප්‍රමාණය 5600ක් පමණ වන බවයි.

    නමුත් මෑතක දී සිදු කළ ගණනයන් අනුව මෙරට වනඅලි ගහනය 7000 ඉක්මවා ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවකදීය.

    එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිටින දළ ඇතුන් ප්‍රමාණයේ අවමවීමක් ද වාර්තා වේ. දැනට වාර්තා වන පරිදි මෙරට වනාන්තර තුළ සිටින දළ ඇතුන් සංඛ්‍යාව 142ක් බව ද වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වනඅලි 350ක් පමණ ආගිය අතක් නැති නැතැයි පසුගිය දිනෙක මාධ්‍ය විසින් පළ කර තිබිනි. මේ සම්බන්ධව ද අමාත්‍යවරයා වනජීවි දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය.

    ගිරිතලේ, මින්නේරිය හා පරාක්‍රම සමුද්‍රය මෙම වර්ෂය පුරාම ජලයෙන් පිරී පැවැති හෙයින් වනඅලින්ට ආහාර සපයා ගැනීමට පැමිණෙන වැව්පිටිය ජලයෙන් පිරී ඇති නිසා වනඅලින්ගෙන් විශාල පිරිසක් වෙනත් ප්‍රදේශවලට ආහාර සොයා සංක්‍රමණය වී ඇතැයි වනජීවි නිලධාරිහු අවධාරණය කළහ.

    වනඅලින් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට වනඅලින්ගෙන් සිදුවන හානි ඉහළගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය.

    Latest News